“සිනමාව යනු යෝධ කැඩපතකි. එය (මාද ඇතුළුවන) සමාජය ඉදිරියෙන් ලම්භකව තැබීම සිනමාකරණය විෂයෙහි මාගේ අභ‍්‍යාසයයි. එය අපට අපව පෙන්වයි. අප නොදකින බොහෝ දේ මෙම කැඩපත අපට පෙන්වා දෙයි. එය හුදු පැතලි කැඩපතක් නොවේ. අවතල දර්පනයකි. එබැවින්, අප නොදකින අංශු අපට විශාලනය කර දක්වයි. අපේ පියවි ඇසට සංවේදී නොවන අදුරු අහුමුළු ආලෝකමත් කර අපට පෙනෙන්නට සලස්වයි. ඇතැම් විට එක්ස් කිරණ කැමරාවක් මෙන් අපගේ සමාජ ජීවිතය විනිවිද ගොස් ඒ දේහය තුල ඇති ව්‍යාධීන් දෘශ්‍යමාන කරයි……”
අශෝක හදගම
